සිනාමල් පිපෙනා සොඳුරුවූ වසන්තය රැගෙන එනු මැන

Wednesday, November 18, 2009

සඳක් නැති අහසට
තරුවක්ව පායා
බලාපොරොත්තුවක් නොතිබූ
ක්ෂිතිජයේ
බලාපොරොත්තුවක් ඇතිකරවූ
නුඹ
ඒ බලාපොරොත්තුවත් රෑගෙන
සැඟව ගිය සැටිනම්
අපූරුයි

Thursday, November 12, 2009

පුදුමයි,,,,,,,,,,,,,,,,,,


මටමම පුදුමයි
මේ මමද කියා
අරුමයකි
මෙතෙක් කල් බොලඳ නොවූ සිත
බොලඳ වී ඇත
සිත අවුල් වී ඇත
අහිමි වී ඇත මට මාව
කරන්නට නොදෙයි කිසිවක්
සිතන්නට නොදෙයි කිසිවක්
පාලනය කල නොහැක මට
මෙතෙක් කල් පාලනය කල සිත
නොසිතේ කිසිදෙයක්
ඇය ගැනම හැර
නෙතු සොයයි ඇය
හද පතයි ඇය
...............
සැඟව ඇත කොහේ හෝ ඇය
යලි දකින තුරු නොදනිමි
කෙදින හමු වේද යන්න
එහෙත්
බලා සිටිමි
දෑස් අයාගෙන
උදාවන තුරු
ඒ මොහොත
ඇගේ රුව දකින්නට
නමුදු ඇය මිරිඟුවක් දැයි
නොදනිමි
පතමි ඇයම සැමවිට
උපන් මා වෙනුවෙන්
වඩිනු මැන
ඒ දවස හනිකට

Wednesday, November 11, 2009

නොවැළපෙමි

නොවැළපෙමි ඔබ යන්න
වැළප ඇති පල කිමද?
ජීවිතය වැරදුනේ
මෙතන පමණක් නොවේ
සූරලා ගෙනයන්න
මා හදේ පිපුන මල්
මල් පිපෙන වසන්තය
ඔබට ගෙන යා හැකිද?
දේදුන්න පායාවි
හෙටත් විදු පියස මත
මම නැතත් ඔබ එතන
පාට හත ගනිනු ඇත
ඔබ යන්න ඉදිරියට
ඔබේ කිරුළුත් රැගෙන
පරාජිත කඳුළකට
ඇසේ ඉඩ තබා නැත
ඔබේ ඒ නැවුම් රුව
සුවඳ කුසුමක් ලෙසේ
සදාකල් මගේ ලොවේ
සුවඳවත් වනු මැනේ...