සිනාමල් පිපෙනා සොඳුරුවූ වසන්තය රැගෙන එනු මැන

Thursday, December 31, 2009

ඔබ නැති නිසා
සඳ නොනැගුනත්
තරු නොදිලුනත් අද රෑ
මගේ ලොවේ අහසේ.................................
උදාවේවි හිමිදිරියේම
සිනා සී මල් පිපෙන වසන්තය
හෙටත්
නුඹේ ලොවට
ඔබට පායන හිරු
නුඹේ ලොව එළිය කරවයි
සඳ කිරණක් ලෙසින්
මම හදවතින් සිනාසෙන්නෙමි
මට නමුදු නුඹට හෙට අළුත් දිනයක් නිසා..............

Wednesday, December 23, 2009

නොසිතුවෙමි
නොවැළපුනි
මීට පෙර කිසිම දින
මේලෙස
මක් නිසාද යත්
මම කිසිවෙකුට ආදරය නොකල නිසා
නුඹ සඳක්ව
නො එබුනි නම්
කිසිම දින මගේ ලොවට
නුඹ තරුවක් වී එළිය නොදුනි නම්
කිසිම ලෙස
නුඹ මගේ නොවෙනා බව
දැන දැනත්
මම නුඹට ආදරය
නොකරැතැයි මා කෙසේ නම්
සිතම් ද?.....................................

Saturday, December 19, 2009

මගේ ජීවිතයට

සුළං රැල්ලක පාවුනු
මගේ ජීවිතයට
නුඹ පැමිණියේ කෙසේ දැයි
මම තවමත් නොදනිමි................................
කිසිවිටක නොපැකිලුනු ඒ සිතට
මටත් හොරා නුඹ ඇතුල් උනේ කෙසේදැයි නොදනිමි.........................
නමුත්
මෙතෙක් කල් මගේ වූ ඒ සිත
දැන් මට පමණක් නොව
නුඹටත් අයිති බව නම් මම දැන් දනිමි

Wednesday, November 18, 2009

සඳක් නැති අහසට
තරුවක්ව පායා
බලාපොරොත්තුවක් නොතිබූ
ක්ෂිතිජයේ
බලාපොරොත්තුවක් ඇතිකරවූ
නුඹ
ඒ බලාපොරොත්තුවත් රෑගෙන
සැඟව ගිය සැටිනම්
අපූරුයි

Thursday, November 12, 2009

පුදුමයි,,,,,,,,,,,,,,,,,,


මටමම පුදුමයි
මේ මමද කියා
අරුමයකි
මෙතෙක් කල් බොලඳ නොවූ සිත
බොලඳ වී ඇත
සිත අවුල් වී ඇත
අහිමි වී ඇත මට මාව
කරන්නට නොදෙයි කිසිවක්
සිතන්නට නොදෙයි කිසිවක්
පාලනය කල නොහැක මට
මෙතෙක් කල් පාලනය කල සිත
නොසිතේ කිසිදෙයක්
ඇය ගැනම හැර
නෙතු සොයයි ඇය
හද පතයි ඇය
...............
සැඟව ඇත කොහේ හෝ ඇය
යලි දකින තුරු නොදනිමි
කෙදින හමු වේද යන්න
එහෙත්
බලා සිටිමි
දෑස් අයාගෙන
උදාවන තුරු
ඒ මොහොත
ඇගේ රුව දකින්නට
නමුදු ඇය මිරිඟුවක් දැයි
නොදනිමි
පතමි ඇයම සැමවිට
උපන් මා වෙනුවෙන්
වඩිනු මැන
ඒ දවස හනිකට

Wednesday, November 11, 2009

නොවැළපෙමි

නොවැළපෙමි ඔබ යන්න
වැළප ඇති පල කිමද?
ජීවිතය වැරදුනේ
මෙතන පමණක් නොවේ
සූරලා ගෙනයන්න
මා හදේ පිපුන මල්
මල් පිපෙන වසන්තය
ඔබට ගෙන යා හැකිද?
දේදුන්න පායාවි
හෙටත් විදු පියස මත
මම නැතත් ඔබ එතන
පාට හත ගනිනු ඇත
ඔබ යන්න ඉදිරියට
ඔබේ කිරුළුත් රැගෙන
පරාජිත කඳුළකට
ඇසේ ඉඩ තබා නැත
ඔබේ ඒ නැවුම් රුව
සුවඳ කුසුමක් ලෙසේ
සදාකල් මගේ ලොවේ
සුවඳවත් වනු මැනේ...